
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට්, ඇය දියණියක බිහිකළ බව නිවේදනය කළාය.
සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සුබ ආරංචියට ඇයට දේශීය සහ විදේශීය වශයෙන් සුබ පැතුම් ගලා ආ අතර එම සුබ පැතුම් අතර විශේෂ සුබ පැතුමක් ද විය.
ඒ, ඉරානයෙන් ඇයට හිමිවූ සුබ පැතුමයි.
කෙසේනමුත් එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්, පෙබරවාරි 28 වන දින මිනාබ්හි පාසලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය විවේචනය කිරීමට ද ඉරානය අමතක කර නොතිබිණි.
එම ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු 150 කට වැඩි පිරිසක් මිය ගියහ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් තමන් බිළිඳු දියණියක බිහිකළ බවත්, ඇයට Viviana ලෙස නම් තැබූ බවත් පසුගිය බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ බවයි.
ලෙවිට් සිය බිළිඳු දියණිය තුරුළු කරගෙන සිටින ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණාය.
එහි තැබූ සටහනක සඳහන් වූයේ “මැයි 1 වැනිදා, විවියානා හෙවත් ‘විවී’ අපේ පවුලට එකතු වුණා. අපේ හදවත් ක්ෂණිකව ආදරයෙන් පිරී ගියා,” යනුවෙනි.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ඉතිහාසයේ ලාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය වන 28 හැවිරිදි ලෙවිට් X පණිවිඩයක් නිකුත් කරමින් ඇගේ දෙවන දරුවාගේ උපත පැවසූ බවයි.
එම සමාජ මාධ්‍ය සටහනේ වැඩි දුරටත් සඳහන් වූයේ “ඇය ඉතා නිරෝගීයි. ඇගේ වැඩිමහල් සහෝදරයා දැන් සිය කුඩා නැගණිය සමඟ ඉතා සතුටින් කාලය ගත කරනවා. අපි මේ සුන්දර අලුත් අත්දැකීමේ සෑම මොහොතක්ම භුක්ති විඳිමින් සිටිනවා” යනුවෙනි.
කෙසේවෙත් ලෙවිට් දෙවන වරටත් මව් පදවිය ලබා දියණියකට උපත දීම සම්බන්ධයෙන් ඉරානය සුබ පැතුම් එක් කළ නමුත්, මිනාබ් පාසලට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇයව විවේචනය කිරීමට ද කටයුතු කළේය.
එහිදී ඉරානය ප්‍රකාශ කළේ එම ප්‍රහාරයෙන් මියගිය දරුවන් සහ ඇයගේ දරුවා අතර කිසිදු වෙනසක් නොමැති බවයි.
‘ඔබට අපගේ සුබ පැතුම් පිරිනමමු. දරුවන් යනු අහිංසක සහ ආදරණීය පිරිසකි. ඔබේ ප්‍රධානියා විසින් මිනාබ්හි පාසලට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සහ ඔබ සාධාරණීකරණය කළ එම දරුවන් 168 දෙනා ද දරුවන්මය. ඔබ ඔබේ දරුවා සිප ගන්නා විට, මියගිය එම දරුවන්ගේ මව්වරුන් පිළිබඳව ද සිතන්න’ යනුවෙන් ආර්මේනියාවේ (Armenia) ඉරාන තානාපති කාර්යාලය X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
පෙබරවාරි 28 වන දින ඉරානයේ මිනාබ්හි ප්‍රාථමික පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් පිරිමි ළමයින් 73 දෙනෙකු සහ ගැහැණු ළමයින් 47 දෙනෙකු මිය ගිය බව රජයේ විකාශන ආයතනයක් වන IRIB සහ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානය පුරා ප්‍රහාර මාලාවක් දියත් කළ දිනයේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart