
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික වාර්තාකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමන 2026 ආසියානු ඇමරිකානු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ (AAJA) විශිෂ්ටතා සම්මානයෙන් ශ්‍රී ලාංකික ඡායාරූප ජනමාධ්‍යවේදී ගැමුණු අමරසිංහ පිදුම් ලබා ඇත.
නැගෙනහිර මියන්මාරයේ කැලෑබද ප්‍රදේශවල කැරලිකරුවන් හමුදා පාලනයට එරෙහිව සටන් වදිමින් නව රාජ්‍යයක් ගැන සිහින දකින අයුරු සහ එරට කායා ප්‍රාන්තයේ ජනතාව නිරන්තර යුද බිය මැද ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ගොඩනැගීමට දරන උත්සාහය පිළිබඳව කෙරුණු “Battling a dictatorship, building a democracy: In the jungles of eastern Myanmar, insurgents fight the junta and dream of a new state” නැමැති බහුමාධ්‍ය වාර්තාකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් එම ජනමාධ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාවේ ඉපදී හැදීවැඩුණු ගැමුණු අමරසිංහ වර්තමානයේ ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. හි සේවය කරන බහුමාධ්‍ය ඡායාරූප ජනමාධ්‍යවේදියෙකි. ඔහු ආසියාව, නැගෙනහිර අප්‍රිකාව සහ ඇමරිකා එක්සත් ජනපදය පුරා සිදුවූ ගැටුම්, මානව හිමිකම් සහ දේශපාලන ක්ෂේත්‍රයන් රැසක් ආවරණය කර ඇත. ඔහු මෑතකදී ‘රේඩියෝ ෆ්‍රී ඒෂියා’ ආයතනය සමඟ කටයුතු කළ අතර, ඊට පෙර වසර ගණනාවක් ‘දි ඇසෝසියේටඩ් ප්‍රෙස්’ ආයතනය සමඟ ද කටයුතු කර තිබේ.
ආසියානු ඇමරිකානු මාධ්‍යවේදීන්ගේ සංගමයට (AAJA) අනුව, අමරසිංහ මහතාගේ විශිෂ්ට සේවය වෙනුවෙන් මීට පෙර ද ‘නැෂනල් එඩ්වඩ් ආර්. මරෝ’ (National Edward R. Murrow) සම්මානය, මහජන සේවය උදෙසා පිරිනමන ‘පුලිට්සර්’ (Pulitzer Prize) සම්මානය, ‘ආර්.එෆ්.කේ.’ (RFK) ග්‍රන්ථ හා ජනමාධ්‍යවේදී සම්මානය සහ ‘නැෂනල් හෙඩ්ලයින්’ (National Headliner) සම්මානය ඇතුළු අන්තර්ජාතික සම්මාන රැසක් හිමිව ඇත.
කොළඹ පුවත්පත් කලාවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර, ලොව ප්‍රමුඛතම ගැටුම් සහ මානුෂීය අර්බුද රැසක් වාර්තා කිරීම දක්වා දිවගිය මෙම ශ්‍රී ලාංකික දෘශ්‍ය ජනමාධ්‍යවේදියා ලැබූ මෙම ඇගයීම, ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් එක් සුවිශේෂී අන්තර්ජාතික ජයග්‍රහණයක් සනිටුහන් කිරීමකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart