August 7, 2026

නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, මෙලෙස මියගොස් ඇත්තේ එම පිරිසෙන් එක් අයෙකි.

මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබේ.