
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයන් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්ස්වය පවත්වනු ලබයි.
මෑත වර්ෂවලදී එම උත්සවය විදේශයන්හිදී ද පවත්වා ඇති අතර, 2024 වර්ෂයේ අන්තර්ජාතික ශ්‍රීමත් භගවත් ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා කර ඇත.
ඒ අනුව, ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රහය මත එම උත්සවය 2024-03-01 දින සිට 2024-03-03 දින දක්වා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart