
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් අද මහනුවරදී මහානායක හිමිවරුන් බැහැදුටුවාය.
ඇමැතිනිය සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදුටු අතර, එහිදී ඇය ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා ඉන්දීය අගැමතිවරයා හරහා ඉන්දියාවේ ජනතාවට දැනෙන ශක්තිමත් සම්බන්ධතාවය නැවත අවධාරණය කළාය.
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ ඉන්දියාව සමඟ ඇති ගැඹුරු සංස්කෘතික සබඳතා සහ රටවල් දෙකේ පවතින උරුමයන්වටිනාකම් පිළිබඳව සඳහන් කර ඇත.
ඉන්දීය මුදල් ඇමැතිවරිය හෙට(2) ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල සූර්ය විද්‍යුත්කරණය සඳහා වූ අවබෝධතා ගිවිසුම් හුවමාරුවට සහභාගී වන බව සඳහන් කර ඇති අතර, එහිදී ඉන්දියාව ඉන්දීය රුපියල් කෝටි 107.47ක ප්‍රදානයකින් ඉන්දීය රුපියල් කෝටි 82.40 ක් බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා වෙන්කරනු ඇත.
ඉන්දීය මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ සිදුවනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයකදී ලබාදුන් ආර්ථික සහය පිළිබඳව ඉන්දීය මුදල් ඇමැතිවරියට ස්තූතිය පළකළ මහානායක හිමියෝ, ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම මිතුරා ලෙස ආර්ථික අර්බුදයකදී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට මුලින්ම ඉදිරිපත් වූයේ ඉන්දියාව බව ද අවධාරණය කර තිබේ.
අනතුරුව ඉන්දීය මුදල් ඇමැතිවරිය මහනුවරදී සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමිපාණන් වහන්සේ ද බැහැදුටුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart