
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝටර් රථ, වාණිජ වාහන සහ යන්ත්‍රෝපකරණ ඇතුළු භාණ්ඩ රැසකට ඉන්දියාව විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) යටතේ ශ්‍රී ලංකාවෙන් තීරු බදු සහනයක් අපේක්ෂා කරන බවත් ඒ සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත් වාර්තා වේ.
වාර්තා වන පරිදි වෘත්තිකයන්ට ඇතුළු වීමට තවදුරටත් පහසුකම් සැලසීම සඳහා ඉන්දියාව පහසු වීසා ක්රමයන් ද සොයමින් සිටී.
ඒ අනුව මීට අදාළ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර 14 වැනි වරට ද පසුගියදා කොළඹදී සාකච්ඡා පවත්වා ඇත.
නිෂ්පාදන සම්බන්ධ නීති රීති, භාණ්ඩ, සේවා සහ වෙළෙඳාම සඳහා වූ තාක්ෂණික බාධාවන් සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ ගැටලුවලට ඇතුළත් වී ඇත.
මෙහිදී ඉන්දියාවට ඇඟලුම් අපනයනය සඳහා දැනට පවතින කෝටාව ඉවත් කරන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා ඇත.
තේ සහ ඇතැම් කෘෂිකාර්මික භාණ්ඩ සඳහා තීරු බදු සහන ද ශ්‍රී ලංකාව ඉල්ලා සිටි බව වාර්තා වේ.
වාර්තා වන පරිදි මීළඟ සාකච්ඡා වටය ශ්‍රී ලංකාවේ මැතිවරණයෙන් පසුව පැවැත්වෙනු ඇත.
දෙරට අතර දැනටමත් භාණ්ඩ සම්බන්ධයෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක අතර ඊට තවත් භාණ්ඩ හා සේවා ඇතුළත් කරමින් ගිවිසුම පුළුල් කිරීමට සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා වේ.
ඉන්දියා-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක වූයේ 2000 මාර්තු මාසයේදීය.
එය පුළුල් පරාසයක භාණ්ඩ සඳහා තීරුබදු අඩු කිරීමෙන් දෙරට අතර ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීමට හේතුවිය.
වත්මන් නිදහස් වෙළඳ ගිවිසුම යටතේ, සියයට 50ක තීරුබදු (හෝ රේගු බදු) සහනයක් යටතේ වාර්ෂිකව කෑලි මිලියන 8ක් දක්වා ශ්‍රී ලංකාවෙන් සීමිත ඇඟලුම් ආනයනය කිරීමට ඉන්දියාව අවසර දී ඇති අතර, මෙම කෑලිවලින් මිලියන 6කට ඉන්දීය රෙදි භාවිත කළ යුතුය.
මීට අමතරව, ඉන්දියාව සෑම වසරකම ශ්‍රී ලංකාවෙන් තේ කිලෝග්‍රෑම් මිලියන 15ක් දක්වා මිලට ගන්නේ සියයට 50ක තීරුබදු සහනයක් යටතේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart