
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාලදිවයිනේ විදේශ අමාත්‍ය මූසා සමීර්ගේ ඉල්ලීම පරිදි අතිරේක වසරක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් භාණ්ඩාගාර බිල්පත් ඉන්දීය රජය මාලදිවයිනට අයවැය ආධාර ලෙස ලබා දී තිබේ.
මාලදිවයින රජයේ ඉල්ලීමකට අනුව මෙම දායකත්වය දීර්ඝ කිරීම සිදු කර ඇතයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මාලදිවයිනේ මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 50 ක රජයේ භාණ්ඩාගාර බිල්පත, පෙර දායකත්වය කල් පිරෙන විට, ඉන්දීය රාජ්‍ය බැංකුව තවත් වසරක් සඳහා නිකුත් කර ඇත.
මෙම රජයේ භාණ්ඩාගාර බිල්පත් මාලදිවයිනේ රජයට ශුන්‍ය පිරිවැයක් (පොලී රහිත) යටතේ ඉන්දීය රාජ්‍ය බැංකුව විසින් නිකුත් කර තිබේ.
ඉන්දියානු රජයෙන් අයවැය සහය ලබා ගැනීම සඳහා මාලදිවයින් රජයේ විශේෂ ඉල්ලීම මත මෙම දායකත්වය අඛණ්ඩව සිදු කරන බව ද ඉන්දීය රාජ්‍ය බැංකුව පවසා ඇත.
අයවැය ප්‍රතිපාදන ආකාරයෙන් මාලදිවයිනට ඉන්දීය රජය දක්වන සහයෝගය මාලදිවයින විදේශ අමාත්‍යංශය අගය කර තිබේ.
ඉන්දීය රජයේ ආධාර ඇතිව යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද එම අමාත්‍යංශය නිවේදනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart