
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙනස් වන කලාපීය දේශපාලනික හා ආරක්ෂක තත්ත්වයන් හමුවේ සිය මූලෝපායික යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, දේශසීමා ආශ්‍රිත දුම්රිය මාර්ග පද්ධති නවීකරණය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 450ක (ඇමරිකානු ඩොලර් බිලියන 4.7ක) දැවැන්ත ආයෝජනයක් කිරීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඉදිරි මාස 18ත් 24ත් අතර කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය යටතේ පංජාබ්, බටහිර බෙංගාලය, හිමාචල් ප්‍රදේශ්, රාජස්ථාන්, ඇසෑම් සහ ඊසානදිග ප්‍රාන්ත කිහිපයක් ආවරණය වන පරිදි අලුතින් දුම්රිය මාර්ග සහ වේදිකා ඉදිකිරීම මෙන්ම පවතින ජාලයන් ශක්තිමත් කිරීම සිදුකෙරෙනු ඇත.
ඉදිරි වසර දෙක තුළ සමස්ත දුම්රිය යටිතල පහසුකම් සඳහා වෙන් කර ඇති මුළු පිරිවැයෙන් 22%ක්ම මෙම දේශසීමා ආශ්‍රිත වැඩසටහන වෙනුවෙන් වෙන් කර තිබීම විශේෂත්වයකි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය රජය දේශසීමා යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් තබා ඇති විශ්වාසය මෙමගින් තවදුරටත් තහවුරු වේ.
මීට පෙර, බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කර තිබුණේ ඉන්දියාවේ ඊසානදිග කලාපයේ පාලම් සහ උමං මාර්ග සහිත දුම්රිය මාර්ග ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 3.4ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වෙතත්, නවතම සැලසුම මගින් එම මුදල ද අභිබවා යන ආයෝජනයක් සිදුකිරීමට නියමිතය.
මෙම ආයෝජනය හරහා සාමාන්‍ය ජනතාවගේ ගමනාගමන පහසුකම් මෙන්ම හමුදාමය සැපයුම් සේවා සඳහා ද සහාය වන යටිතල පහසුකම් නිර්මාණය වන අතර, දීර්ඝ කාලයක් තිස්සේ මන්දගාමී සංවර්ධනයක් පැවති දේශසීමා ප්‍රදේශවල සන්නිවේදන හා ප්‍රවාහන සම්බන්ධතාව ඉහළ නැංවෙනු ඇත.
පසුගිය දශකය තුළ පමණක් ඉන්දියාවේ ඊසානදිග කලාපය තුළ අලුතින් දුම්රිය මාර්ග කිලෝමීටර 1,700ක් පමණ එකතු කිරීමට වත්මන් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart