
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලනයට පිවිසෙන සියලුදෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවත්, පළාත් පාලන මැතිවරණ නාමයෝජනා භාරගැනීමේ දී එය ආරම්භ කරන බවත් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඇමතිවරයා පෙන්වාදෙන්නේ ඊට අමතරව ඇමැති කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද බදු ගොනු ආරම්භ කිරීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බවයි.
රුවන්වැල්ල ප්‍රෙද්ශයේ පැවැති උත්සවයකින් පසු ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
පසුගියදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ චක්‍රලේඛය මගින් බදු ගෙවිය හැකි යැයි අපේක්ෂිත කාණ්ඩ 14කට ගොනු විවෘත කිරීම අනිවාර්ය කළ අතර බදු ගොනුවක් විවෘත කිරීම බදු ගෙවීම අනිවාර්ය කිරීමක් නොවන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
රජය බලයට පත්වන අවස්ථාවේ 80% – 20% ලෙස පැවැති වක්‍ර සහ ඍජු බදු අනුපාතය මේ වන විට 70%-30% මට්ටමට රැගෙන ඒමට හැකිවී ඇතැයි සඳහන් කළ ඇමැතිවරයා වැඩිදුරටත් කියාසිටියේ මෙම වසර අවසන් වන විට එම අනුපාතය 60%-40% මට්ටමට රැගෙන ඒම රජයේ අපේක්ෂාව බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart