March 27, 2026

ඉරාන යුද්ධය පදනම් කර ගනිමින් ඇතිවී තිබෙන ගෝලීය අර්බුදකාරී තත්වය හමුවේ මෙරට ජනතාවට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි මහ බැංකුවෙන් විමසා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙවැනි ගැටලුකාරී තත්වයක් මතුව ඇති පසුබිමකදී ණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේදැයි මහ බැංකුවෙන් විමසිය යුතු බවයි.

මෙවැනි අර්බුදකාරී තත්වයක් මධ්‍යයේ වුව ද ජනතාව ණය ගෙවිය යුතු ද නැතහොත් ඒ සඳහ යම් සහන කාලපරිච්ඡේදයක් ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු කියා සිටියේ 2022 වසරේදී රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ද මහ බැංකුව ගනු ලැබූ ඇතැම් තීරණ හමුවේ බොහෝ පිරිසක් අසරණභාවයට පත්වූ බවයි.