
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාවන්තිස්ස නමැති හස්තියාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන බව පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි ප්රකාශ කළේය.
කිලිනොච්චියේ පැවැති උත්සවයකින් අනතුරුව ජනමාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේ, හස්තියාට ප්රතිකාර කිරීමේදී යම් වරදක් සිදුවී තිබේද, නැතහොත් සත්වයාට හානි කිරීමේ අරමුණින් හිතාමතා යම් ක්රියාවක් සිදුකර තිබේද යන්න පිළිබඳව මෙම පරීක්ෂණයේදී කරුණු විමර්ශනය කරන බවයි.
වනජීවී පශු වෛද්ය කණ්ඩායම හස්තියාට ප්රතිකාර කිරීම සඳහා උපරිම උත්සාහයක් ගත් නමුත්, හස්තියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටුව පළ කරන බවද ඔහු පැවසීය.
පශු වෛද්ය සේවා සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රෝගී සතුන්ට ලබාදෙන ප්රතිකාර තවදුරටත් ඉහළ නැංවීමට පරිසර අමාත්යාංශය පියවර ගන්නා බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, බලධාරීන්ට නොදන්වා සත්වයාට හිතාමතා යම් හානියක් සිදුකර තිබේද යන්න පිළිබඳවද මෙම පරීක්ෂණයේදී සොයා බලන බවත්, යම් වරදක් අනාවරණය වුවහොත් ඊට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්රියාත්මක කරන බවත් අමාත්යවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart