October 18, 2026

ඇප මත මුදාහැරීමෙන් පසුව හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ සිට නවලෝක රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලමින් වෛද්‍ය උපදෙස් මත මෙම මාරුකිරීම සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප මත මුදාහැරීමෙන් පසුව හදිසියේ රෝගාතුර වූ ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.