
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළවළු මිල අහස උසට නැඟීම පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසන්නේ, එළවළු ආනයනය කරන්නේ නම් කැරට්, බෝංචි, ලීක්ස් වැනි එළවළු කිලෝවක් රුපියල් 300 සිට රුපියල් 350 අතර මිලකට ජනතාවට ලබාදිය හැකි බවයි.
“ආහාර ප්‍රතිපත්ති කමිටුව කැඳවන ලෙස මම ජනාධිපති ලේකම්වරයාට දන්වා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලින් අඩු මුදලට එළවළු ලබාදිය හැකිද යන්න විමසා සිටියා. මාසයක් හෝ මාස එකහමාරක් ඇතුළත එළවළු මිල අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුවේදී ඔවුන් එකඟ වී තිබෙනවා. එළවලු ආනයනය කළා නම් ලීක්ස්, කැරට්, බෝංචි කිලෝවක් රු. 300 සිට රු. 350 දක්වා මිලකට ලබාදිය හැකියි ”ඔහු පවසයි.
ඇමැතිවරයා යේ ජනමාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ, වැට් බද්ද ඇතුළු බදු ඉහළ දැමීම හේතුවෙන් අද ආනයනික බිත්තරයක මිල රුපියල් 08කින් ඉහළ දැමූ බවයි. ඒ අනුව මීට පෙර රුපියල් 35කට සියලුම සතොස අලෙවිසැල්වල අලෙවි වූ ආනයනික බිත්තරයක් රුපියල් 43ක නව මිල යටතේ අලෙවි කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
වැට් බදු ඉහළ දැමීමෙන් පසු නව ටෙන්ඩර් යටතේ රාජ්‍ය වෙළෙඳ සංස්ථාව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ බවත්, වැට් බදු වැඩිවීම, අනෙකුත් බදු වැඩිවීම් සහ ප්‍රවාහන වියදම් සැළකිල්ලට ගනිමින් බිත්තර මිල මෙලෙස රුපියල් 08කින් ඉහළ දැමූ බවත් ඔහු පෙන්වාදෙයි.
“දේශීය බිත්තර නිෂ්පාදනයෙන් මගින් රටේ බිත්තර සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට අපට හැකිද යන්න අපි සති දෙකක් තිස්සේ නිරීක්ෂණය කළා. ආනයනික බිත්තර සැපයුම නැවැත්වීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් රුපියල් 52 සිට 55බ දක්වා ඉහළ ගොස් ඇති බව අපට නිරීක්ෂණය වුණා. ඒ නිසා මිල වැඩිවීම පාලනය කිරීම සඳහා නව ටෙන්ඩර් යටතේ බිත්තර ආනයනය කිරීමට රාජ්‍ය වෙළඳ සංස්ථාව තීරණය කළා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart