
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දිනෙක විනාශයට පත්කරන ලද ආනයනික භාණ්ඩ බුද්ධිමය දේපළ පනත හා රේගු ආඥා පනතේ අදාළ නීති රීති උල්ලංඝනය කරමින් ගෙන්වන ලද ව්‍යාජ අනුකරණ භාණ්ඩ වන අතර එම නිසා ඒවා රේගුව මගින් අත් අඩංගුවට ගෙන රජය සතුකර තිබේ.
ලෝක වෙළඳ සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති “වෙළඳාමට අදාළ බුද්ධිමය දේපල අයිතීන්” පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය මගින් ලෝක ප්‍රජාව බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ද ගිවිසුම් ගතව තිබේ.
එම නීතිරීති වලට අනුව බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන උල්ලංඝනය කෙරෙන භාණ්ඩ ශ්‍රී ලංකාව තුළට ආනයනය කිරීම තහනම් කර ඇත.
එනම්, වෙළඳ නාම වංචනික ලෙස භාවිත කරමින්, ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද අනුකරණ භාණ්ඩ හෝ ප්‍රකාශන හිමිකම අයිතිකරුගේ අවසරයකින් තොරව නිපදවන භාණ්ඩ හෝ අනෙකුත් භාණ්ඩ වේ.
එවන් භාණ්ඩ රට තුළට ආනයනය කළහොත් ඒවා අත්අඩංගුවට ගෙන රජය සතු කිරීම හා ඉන්පසු විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුවට බලය පවතී.
එම භාණ්ඩ වෙළඳපොළ තුළට එක් නොකර වෙළඳ නාම හිමිකරුවන්ගේ අයිතීන්ට ගැටලුවක් නොවන ආකාරයට පරිහරණය කිරීම හෝ එම භාණ්ඩ විනාශ කිරීම මූලික අපහරණ ක්‍රමයන් වේ.
මෙම භාණ්ඩ වල වෙළඳ නාම හිමිකරුවන් ඒවා විනාශ කර දමන ලෙස හා ඒ සඳහා යන වියදම දැරීමටද ඔවුන් එකඟ වන බව ඔවුන්ගේ ශ්‍රී ලාංකික නියෝජිතයින් හරහා ශ්‍රී ලංකා රේගුවෙන් ලිඛිතව ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා රේගුවට එහි දී ගතහැකිව තිබූ එකම ක්‍රියාමාර්ගය ඒවා විනාශ කිරීම පමණක් බවත්, විවිධ පුද්ගලයන් යෝජනා කර ඇති පරිදි මෙම භාණ්ඩ විකුණා මුදල් ලබාගැනීම, වෙනත් රටකට අපනයනය කර විදේශ විනිමය උපයා ගැනීම හෝ පරිත්‍යාග කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව අවධාරණය කර තිබේ.
මේ තුළින් ශ්‍රී ලංකා රේගුව අපේක්ෂා කරන්නේ අන්තර්ජාතික සම්මුති කටයුතු කරමින් බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමට සහයෝගය ලබාදීම හා දේශීයව මහජනතාව ව්‍යාජ අනුකරණ භාණ්ඩ මිලදී ගැනීම වළක්වා ඔවුන් ගෙවන මුදලට සරිලන වටිනාකමක් ඇති භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සැලසීම බව රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart