
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමා දරුවකු පැහැර ගැනීමට උත්සාහ නොකළ බවත්, ලිස්සා වැටෙමින් සිටි දරුවකු බේරාගැනීමට පමණක් උත්සාහ කළ බවත් පසුගියදා ගාලු මුවදොරදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියට පවසා ඇත.
එහිදී දරුවකු පැහැරගන්නා බව පවසමින්, එහි සිටි පිරිස් තමාව අල්ලාගෙන කොටුව පොලිසියට භාරදුන් බව එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බව පොලිසිය පවසයි.
මීට දින දෙකකට පෙර ගාලු මුවදොර දී 07 හැවිරිදි දැරියක් පැහැර ගැනීමට උත්සහ කළ බව පවසමින් කොටුව පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සඳහන් කර ඇත්තේ, දරුවා පඩිපෙළෙන් වැටීමේදී බේරා ගැනීමට පමණක් උත්සාහ කළ නමුත්, දෙමව්පියන් එම සිදුවීමට තවත් දේ ඇතුළත් කර පොලිසියට පැමිණිලි කර ඇති බවයි.
32 හැවිරිදි එම පුද්ගලයා කොළඹ ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස සේවය කරන අතර, උඩපුස්සැල්ලාව, බ්ලෙයාර් ලොමන්ඩ් වත්තේ පදිංචිකරුවෙකි. ඔහු මේ වනවිට බොරලැස්ගමුවේ කුලී කාමරයක ජීවත් වේ.
මෙම සිදුවීම වැරදි අවබෝධයක් මත සිදුවූවක් බවට පොලිසිය සැකකරයි
කෙසේවෙතත් ඔහු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart