
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් බේරේ වැව අවට ප්‍රදේශය ජාත්‍යන්තර සංචාරක සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත “Temple City” ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දේශීය හා විදේශීය ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කොළඹ නගරයේ ප්‍රමුඛ ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වන අතර, එහි සංචාරක විභවය හඳුනාගනිමින් අවට ප්‍රදේශය ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ගංගාරාම විහාරස්ථානයේ මඟපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් “Temple City” ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යෝජිතය.
මෙම ව්‍යාපෘතිය යටතේ දේශීය හා විදේශීය සංචාරකයන්ට පහසුවෙන් හා නිදහසේ ගමන් කිරීමට හැකි වන පරිදි බේරේ වැව වටා පදික වේදිකාවක් ඉදිකිරීම, අවට ප්‍රදේශය අලංකාර කර සංචාරක හිතකාමී පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අදාළ සැලසුම් සහ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම මඟින් බේරේ වැව හා ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගත් ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට මෙන්ම කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart