
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙඩි තැබීමේ පළපුරුදු පොලිස් සහ ආරක්ෂක අංශ නිලධාරීන් පාතාල කල්ලිවලට බඳවා ගැනීම බොහෝ කලක සිට පාලනයකින් තොරව සිදුවන බවත් එවැනි අක්රමිකතා වැළැක්වීමට ඵලදායී යාන්ත්රණයක් සකස් කරන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
පොලිස්පති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු පසුගිය සෙනසුරාදා (02) මහනුවරට පැමිණි අවස්ථාවේදී මලවතු සහ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී ඔහු කියා සිටියේ පාතාලයෙන් මරණ තර්ජන එල්ල වීම නිසා විදේශගත වූ බව කියන පොලිස් නිලධාරියා මීට මාස කිහිපයකට පෙර තම පවුලේ අය සමඟ විදේශගත වීමට අවසර ඉල්ලා තිබූ අතර මරණීය තර්ජන පිළිබඳ සඳහන් කර ඇත්තේ එම අභිප්රාය වෙනුවෙන්ද යන්න සැක සහිත බවයි.
“පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තර්ජන රැසකට මුහුණ දී සිටින නිසා ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ප්රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. පාතාල කල්ලි සඳහා මනා පුහුණුව ලත් පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බඳවාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. එය දැඩි අවධානයට ලක්විය යුතු කරුණක්. මින් ඉදිරියට මෙවැනි අකටයුතුකම් යළි ඇති නොවීමට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර පියවර ගන්නවා.” යැයි ද පොලිස්පතිවරයා සඳහන් කළේය.
පුද්ගලයකුගේ අභිමානය හා ගෞරවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ඕනෑම පොලිස් නිලධාරියකු නීතිමය ක්රියාමාර්ගවලට සහ අධිකරණ නියෝගවලට යටත් වන බව ද ඔහු සඳහන් කළේය.
“විදේශයන්හි සිට ක්රියාත්මක වන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම අපගේ ප්රමුඛ කාර්යයක්. අදාළ රටවල් සමඟ දැනටමත් සාකච්ඡා පැවැත්වෙනවා , එම රටවලින් කොළ එළියක් ලැබුණු පසු පිටව යෑමට අපරාධ විමර්ශන කණ්ඩායමක් සුදානමින් ඉන්නේ. කොහොම වුණත් එය වේගයෙන් කළහැකි දෙයක් නෙවෙයි, ”ඔහු පැවසීය.
නීතිමය බලපෑම් හේතුවෙන් අත්හිටුවා ඇති පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ උසස්වීම් නීතිපතිවරයා වෙත යොමු කළ බවත් ඒවා නිරාකරණය කර කඩිනමින් එම උසස්වීම් ලබාදීමට පියවර ගන්නා බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart