October 26, 2026

2018 වසරේදී වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් සමඟ එක්ව ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය රැස්කිරීම සම්බන්ධ චෝදනාවලට වරදකරු වූ නවුෆර් මවුලවි සහ තවත් පුද්ගලයෙකුට වසර 12 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ නවුෆර් මවුලවිට පසුගිය සැප්තැම්බර් මාසයේදී ද වසර 220 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබිණි.