
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්රධාන ජලාශ 17ක් සහ මධ්ය පරිමාණ ජලාශ 13කට වැඩි සංඛ්යාවක් මේ වන විට වාන් මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.
වාරිමාර්ග අධ්යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ, ජලාශ වෙත ගලා එන ජල ධාරිතාව ඉහළ යාම මත ඉදිරියේදී වාන් දොරටු විවෘත කරන ප්රමාණයන් ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවයි.
ඒ අනුව දැනට වාන් දොරටු විවෘත කර ඇති ප්රධාන ජලාශ කිහිපයක තත්ත්වය මෙසේය:
දැදුරුඔය ජලාශය: වාන් දොරටු 8ක් අඩි 3 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 15,700ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදා හැරේ.
රාජාංගනය ජලාශය: වාන් දොරටු 10ක් අඩි 4 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 8,880ක ජල ප්රමාණයක් පිටතට නිකුත් කෙරේ.
තබ්බෝව ජලාශය: වාන් දොරටු 8ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 3,520ක ජල ධාරිතාවක් පිටවේ.
අංගමුව ජලාශය: වාන් දොරටු 2ක් අඩි 4 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 2,440ක ජල ප්රමාණයක් කලාවැව දෙසට මුදා හැරේ.
ඉඟිනිමිටිය ජලාශය: වාන් දොරටු 2ක් අඩි 2 බැගින් සහ තවත් දොරටු 2ක් අඩිය බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 2,000කට අධික ජල ප්රමාණයක් මී ඔයට නිකුත් කරමින් පවතී.
මේ හේතුවෙන් ජලාශවල පහළ ප්රදේශවල සහ ගංගා දෙපස පදිංචි මහජනතාව ජල මට්ටම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය මගින් නිකුත් කරන ඉදිරි උපදෙස් කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් බලධාරීන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart