
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ දවස්වල මුළු ලෝකයේම සමාජ මාධ්‍ය ජාලාවල එක දිගට සංසරණය වෙමින්, මිලියන ගණනකගේ ඇස්වලට කඳුළු උනපු, හදවත් සසල කරපු අපූරු වීඩියෝවක් ඔබත් දකින්න ඇති. පුංචි දියණියක් තමන්ගේ සුරතල් ඉත්තෑ පැටියෙක් එක්ක කුඹුරු නියරක් දිගේ හරිම ආදරයෙන් ඇවිදගෙන යන මේ දසුන හරියට ඩිස්නි සිනමාපටයක දර්ශනයක් වගෙයි කියලා තමයි ලෝක වටෙන්ම මේකට ප්‍රතිචාර ලැබෙන්නේ.
හැබැයි මේ වීඩියෝව ලෝකය පුරා ප්‍රසිද්ධ වෙද්දී, බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයකම ප්‍රධාන ජනමාධ්‍ය ආයතන, විශේෂයෙන්ම සුප්‍රකට බ්‍රිතාන්‍ය ‘The Telegraph’ පුවත්පත පවා වාර්තා කරලා තිබුණේ මේ දේ සිද්ධ වුණේ බංග්ලාදේශයේ කියලා.
ඒත් දැන් නිල වශයෙන්ම තහවුරු වෙලා තියෙනවා මේ ලෝකයම හොල්ලපු වීඩියෝවේ ඇත්තම උපන්ගම අපේ ශ්‍රී ලංකාව කියලා.
මේ වීඩියෝව මුලින්ම සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණේ පසුගිය ජුනි 11 වැනිදා ලංකාවේ ෆේස්බුක් පරිශීලකයෙක් විසින්. ඔහු සිංහල භාෂාවෙන් තැබූ සටහනක් සමඟයි මේ වීඩියෝව මුලින්ම කරළියට ආවේ. එපමණක් නොවෙයි, මේ පුංචි දෝණි සහ ඉත්තෑ පැටියා එකට සෙල්ලම් කරන තවත් වීඩියෝ කිහිපයක්ම මේ ගිණුමේ දිගින් දිගටම පළකරලා තිබෙනවා.
පසුව සිදුකළ සොයාබැලීම්වලදී තහවුරු වෙලා තියෙන්නේ මේ ගිණුම් හිමිකරු ඓතිහාසික පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. ඒ අනුව අපේ රටේ වැව් බැඳි රාජ්‍යයේ, ලස්සන වෙල්යායක සිද්ධ වුණු මේ සුන්දර සිදුවීම තමයි අද මුළු ලෝකයම තමන්ගේ කරගන්න හදන්නේ.
බංග්ලාදේශයේ ප්‍රධානතම තොරතුරු සත්‍යතාවය පිරික්සීමේ (Fact-Checking) ආයතනයක් වන Stream ආයතනය පවා විශේෂ සෙවුමක් (Reverse Image Search) සිදුකරමින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ, බංග්ලාදේශයේ නමින් ප්‍රචාරය වන මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයත් එකක් බවයි.
ලෝකයේ කොහේ ගියත් අපේ රටේ පරිසරයේ තියෙන, මිනිස්සුන්ගේ හදවත්වල තියෙන මේ වගේ අහිංසක, සුන්දර දේවල්වලට ගහන්න වෙන කොහේවත් කිසිම දේකට බැහැ කියන එක මේ සිදුවීමෙන් නැවත වතාවක් ඔප්පු වෙනවා.
ඔබත් මේ අපූරු දසුන නැරඹුවේ නැත්නම්, පහතින් බලන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart