
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව විසින් 2019 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිර්මාණය කළ ආන්දෝලනාත්මක වීඩියෝවේ පූර්ව ප්‍රචාරක පටය අද එළිදක්වා ඇත.
අසාද් මවුලානා නම් පුද්ගලයකුගේ ප්‍රකාශ සහ පාස්කු ප්‍රහාරයන්ට සම්බන්ධ තවත් තොරතුරු ප්‍රමාණයක් එම වීඩියෝවට ඇතුළත් කර ඇත.
කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයක්ද ඊට ඇතුළත් වේ.
එම වීඩියෝවේ ධාවන කාලය විනාඩි 05යි තත්පර 15කි.
වාර්තාවන අන්දමට විනාඩි 50ක කාලයකින් යුත් මෙහි සම්පූර්ණ වීඩියෝ පටය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිතය.
මෙම වීඩියෝව සම්බන්ධයෙන් රජය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව ඇමැති මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart