August 30, 2023

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබාදී තිබේ.

බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගැටලු මතුවුවහොත් ඒ සඳහා කැබිනට් යෝජනාවක් සකස් කරන ලෙස ද ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශයට අනුයුක්ත නිලධාරීන් සමඟ ඊයේ (අගෝස්තු 29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම නියෝගය නිකුත් කර ඇත.