
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම වසර තුළ ජනාධිපති ධූරයට පත් වනු ඇති බවට පැතිර යන කටකතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව මැතිවරණ රැළියක් අමතමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, මෙම වසරේ අගෝස්තු මාසය වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වනු ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවයි.
“මට සැකයි මේක ලංකාවේද කියලා. ඒක වෙන කොහේ හරි වෙන්න ඇති. දිගින් දිගටම මැතිවරණවලින් පැරදිච්ච මේ මනුස්සයා අගෝස්තු වෙනකොට ජනාධිපති වෙනවා කියලා කියනවා” ඇය පැවසුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වසරේ දෙසැම්බර් වන විට ජනාධිපති වන බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පසුගියදා ප්‍රකාශ කර තිබූ බවද ඇය පැවසීය.
“ඒකත් වෙනත් ලෝකෙක වෙන්න ඇති” යනුවෙන් පැවසූ අග්‍රාමාත්‍යවරිය පෙන්වාදුන්නේ මෙම ප්‍රකාශ රටට හෝ මිනිසුන්ට ප්‍රයෝජනයක් වේද යන්න ප්‍රශ්න සහගත බවයි.
එමෙන්ම ඇය පෙන්වාදුන්නේ ආණ්ඩුව පරාජය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන් වේ නම් ඔවුන් පවතින ආණ්ඩුවට වඩා යහපත් විය යුතු බව ජනාධිපතිවරයා දැනටමත් පවසා ඇති බවයි.
“අපට වඩා හොඳ වෙන්න. අපට වඩා දක්ෂ වෙන්න. සිදුනොවන දේවල් ගැන කතානොකර කරන්න ඕනේ ඒකයි” යනුවෙන් ඇය පැවසුවාය.
ආණ්ඩුව පරාජය නොවන බවත්, ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇතිකර නොගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart