
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අලුත් අවුරුද්දට පැළඳීමට ඉල්ලාගෙන ගිය සපත්තු ජෝඩුවක් නැවත ලබානොදීමේ සිද්ධියක් මුල්කරගෙන ඇතිවූ ආරවුලකදී සිදුකළ පහරදීමකදී තරුණයකුගේ අත මැණික් කටුවට ඉහළින් සිරුරෙන් වෙන් වී ගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය සදහන් කරයි.
සිද්ධිය ඊයේ (31) අලුයම් කාලයේ ඇතිවී තිබුණ අතර තරුණයකු තියුණු ආයුධයකින් කෙටීම නිසා අනෙක් තරුණයාට අත අහිමි වී ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී යැයි පොලිසිය කියයි.
වෙන්වුණු අත කොටස ද අයිස් බෑගයක බහාගෙන නිවැසියන් එම තරුණයා මාරවිල රෝහලට රැගෙන යෑමෙන් පසු එම අත කොටස සමග තුවාලකරු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයක් කර වෙන් වී ගිය එම අත් කොටස බද්ධකිරීමට නියමිතව පැවැති බව වාර්තා විය.
මෙම සිද්ධියේදී පහරකෑමකට ලක්ව තවත් තරුණයකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
තරුණයාගේ අත සිරුරින් වෙන් වී යන ආකාරයට තියුණු ආයුධයකින් කපා දැමූ බව කියන තරුණයා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම ගැටුමට මුල් වූ සිව්දෙනාම ගජ මිතුරන් බව පොලිසිය කියයි.
අලුත් අවුරුදු සමයේ තරුණයකුගෙන් පැළඳීම සඳහා සපත්තු ජෝඩුවක් වලහපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයා ඉල්ලාගෙන ගොස් තිබෙන අතර,
වෙනත් හේතුවක් මත දෙදෙනා අමනාප වීමෙන් පසු, සිංහල අලුත් අවුරුදු සමයේ ඉල්ලාගෙන ගිය සපත්තු ජෝඩුව නැවත ලබාගැනීමට සපත්තු ජෝඩුවේ අයිතිකරු ඔහුගේ මිතුරන් දෙදෙනකු ද සමග වලහපිටියේ නිවෙසට ඊයේ අලුයම් කාලයේ ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සපත්තු ජෝඩුව ඉල්ලාගෙන ගිය අයට පහර දී ඇති අතර, මේ අවස්ථාවේ ඔහු සිය ජීවිතය බේරාගැනීම සඳහා සපත්තු ජෝඩුව ඉල්ලාගෙන ගිය තිදෙනාගෙන් අයකු අතේ තිබූ තියුණු ආයුධය උදුරා ගෙන එයින් කොටා ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට තිබේ.
මෙම සිද්ධිය වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ සපත්තු ජෝඩුව ඉල්ලාගෙන පැමිණි තිදෙනාට පහරදීමක් සිදුකර ඇති බව ද කියති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart