
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ වුවමනාව මත මෙවර අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටීමට මන්ත්‍රිවරු කිහිපදෙනෙක් සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
ලබන ඔත්තෝබර් මාසයේ දී උසස් පෙළ විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කලින් සැලසුම් කර තිබුණ ද පැවැති විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් වර්ජනය හේතුවෙන් විභාගය නොවැම්බර් මස 27 වැනිදා සිට පැවැත්වීමට තීරණය කෙරිණි.
මේ බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ හා ඉන් පිටතදී වරින්වර ප්‍රකාශ කර තිබේ.
ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව ද මේ වන විට සූදානමින් සිටියි.
එසේ තිබිය දී විභාගය කල්දමන්නැයි මන්ත්‍රිවරු ඉල්ලා සිටීමට සූදානම් වන්නේ පැවැති විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඊළඟ විභාගයට සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍යය යන පදනම මත සිටිමිනි.
විවිධ ඉල්ලීම් මත උසස් පෙළ විභාගය යළිත් කල් දැමීමට සිදු වුවහොත් මෙවර සාමාන්‍ය පෙළ විභාගය පමණක් නොව ලබන වසරේ ජාතික විභාග ද කල් දැමීමට සිදු වන බව විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.
(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart