November 24, 2026

තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වා පසුව එකලස් කරන ලද ජීප් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අදාළව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 නොවැම්බර් 19 වැනිදා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

සිදු කළ වැඩිදුර විමර්ශනවලදී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වා එකලස් කරන ලද මෙම ජීප් රථය බණ්ඩාරවෙල ප්‍රදේශයේ තිබියදී ඊයේ පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.