November 24, 2026

හම්බේගමුව පොලිස් වසමේ ලගිනාගල ප්‍රදේශයේ ඉඩමක් වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් 23 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ.

අදාළ ඉඩමට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඔහු මෙලෙස විදුලි සැර වැදීමට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ ගලිරාමන්කඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ඉඩම වටා අනවසර විදුලි රැහැන ඇද තිබූ බව කියන ලගිනාගල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බේගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.