May 31, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ(Bill and Melinda Gates Foundation) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි, සාකච්ඡාවේ මූලික අවධානය යොමු වූයේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ දත්ත ඩිජිටල්කරණය කිරීම සඳහාය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීම, පෝෂණය වැඩිදියුණු කිරීම, දේශගුණික විපර්යාසවලට පිළියම් යෙදීම සහ මූල්‍ය සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන ප්‍රයත්නයන් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කර ඇත.

රැස්වීම අතරතුර, බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ පදනමේ නිලධාරීන් මූල්‍ය ආධාර සහ නවීන තාක්‍ෂණය භාවිත කිරීම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට අනුකූල වන්නේ නම්, මෙම ක්‍රියාකාරකම්වලට සහාය දැක්වීමට කැමැත්ත පළ කර තිබේ.

දේශගුණික විපර්යාස සඳහා කැප වූ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව ඇත.