
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) නව මධ්‍යස්ථාන කිහිපයක් විවෘත කරමින් දිවයින පුරා අලෙවිසැල් ජාලය පුළුල් කර තිබේ.
මාරවිල, මැල්සිරිපුර, නාත්තන්ඩිය – හොරකැලේ, බිංගිරියේ රුක්අත්තන සහ මරදවිල ගොවිපලවල් ආශ්‍රිතව නව අලෙවිසැල් විවෘත කර ඇත.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්ගේ ප්‍රධානත්වයෙන් නාත්තන්ඩිය – හොරකැලේ ගොවිපලේදී 57 වැනි NLDB අලෙවිසැල විවෘත කරන ලදී.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අනුව, නව අලෙවිසැල් මගින් නවීන සැකසුම් තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද උසස් තත්ත්වයේ පශු සම්පත් නිෂ්පාදන මහජනතාවට දැරිය හැකි මිලකට ලබා දෙනු ඇත.
පෝෂණ ප්රමිතීන් වැඩිදියුණු කිරීම සහ ප්‍රෝටීන් බහුල ආහාර නිෂ්පාදන සඳහා වඩා හොඳ ප්‍රවේශයක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණයි.
ප්‍රධාන ජාතික වත්කමක් ලෙස සැළකෙන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පසුගිය පරිපාලනය තුළ සැළකිව යුතු පසුබෑමකට මුහුණ දී තිබුණ ද මේ වන විට ලාභ වාර්තා කරමින් එහි අලෙවි ජාලය පුළුල් කරමින් සිටින බව එහි නිලධාරීහු සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart