
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් ආහාර වැඩසටහන යටතේ එක් සිසුවකුට රුපියල් 110ක් ආහාර වෙනුවෙන් වෙන්කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව සිසුවකුගේ ආහාර වේලක් සඳහා වැය කරන මුදල රුපියල් 110ක් බවට පත්කර 2024 වසරේ දින 170කදී ‘පාසල් ආහාර වැඩසටහන’ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ.
රජයේ පාසල්වල 1 සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා මෙම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවඩන මහතා පැවැසුවේ, දිවයිනේ අධ්‍යාපන කලාප 100ක පාසල් 7,902ක සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
මීට පෙර එක් සිසුවකු වෙනුවෙන් ආහාර වේලක් සඳහා දිනකට රුපියල් 85ක් වෙන්කර තිබිණි.
පාසල් ආහාර වැඩසටහන යටතේ 2024 වසර සඳහා තෝරාගත් පාසල් 917ක සිසුන් ලක්ෂ 2කට ආහාර වර්ග තුනක් ලබාදීමට ‘සේව් ද චිල්ඩ්රන්’ සංවිධානය එකඟ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart