
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වවුනියාවේ නිවසක දේවාල කාමරයේ තෙල් ලාම්පුවක් දැල්වීමට වැරදීමකින් පෙට්රල් යොදාගැනීමෙන් විශාල ගින්නක් ඇති වූ බව පොලිසිය පැවැසීය.
මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට බියෙන් නිවසේ හිමිකරු නිවසේ විශාල පෙට්රල් ප්රමාණයක් ගබඩා කර ඇති බව පරීක්ෂණවලින් හෙළිව ඇත.
ගබඩා කර තිබූ පෙට්රල්වලට ගිනි ඇවිලිමත් සමඟ ගින්න ඉක්මණින් පැතිරගොස් ඇති අතර, මුළු නිවසම ගිනිගෙන දැවීගොස් ඇත.
ගින්නෙන් සියලුම ගෘහභාණ්ඩ සහ නිවෙස විනාශ වී ඇති අතර, නිවැසියන් නිවසින් පිටතට දිවගොස් දිවි ගලවාගෙන තිබේ.
වවුනියාව පොලිසිය විසින් කර ලද දැනුම්දීමකට අනුව වවුනියාව නාගරික ගිනි නිවන ඒකකය එම ස්ථානයට පැමිණ අවසානයේ ගින්න පාලනය කර ඇති නමුත්, ගින්න නිවන අවස්ථාවේ නිවසට විශාල හානියක් සිදුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ දිගටම කරගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart