
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අභිරහස් ලෙස මියගිය ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේනගේ ජංගම දුරකථනයට අදාළ දත්ත, Apple සමාගමේ දින 90 ක දත්ත රඳවා ගැනීමේ කාලසීමාවට අනුව එළඹෙන නොවැම්බර් 29 වන දිනෙන් පසු අහිමි වී යාමේ අවදානමක් පවතින බව අනාවරණය වී තිබේ.
කපිල චන්ද්රසේනගේ ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා පරස්පර නීතිමය ආධාර ක්රියාවලිය යටතේ අධිකරණ අමාත්යාංශය හරහා ‘Apple’ සමාගම වෙත අධිකරණ නියෝගයක් යොමු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය. කෙසේ වෙතත්, අදාළ දත්ත රඳවා ගනු ලබන්නේ දින 90 ක කාලයකට පමණක් බව Apple සමාගම විමර්ශකයින්ට දැනුම් දී ඇත.
මෙම දින 90 කාලසීමාව නොවැම්බර් 29 වන දිනෙන් අවසන් වන බව පෙන්වා දුන් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන, එම කාලසීමාවෙන් පසු මෙම දත්ත සම්පූර්ණයෙන්ම අහිමි වී යන්නේ දැයි ප්රශ්න කළේය. මේ සම්බන්ධයෙන් Apple සමාගමෙන් වැඩිදුර ඉල්ලීමක් කර ඇති නමුත් මෙතෙක් ඊට ප්රතිචාරයක් ලැබී නොමැති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.
විමර්ශනවල ප්රගතිය පිළිබඳව නොසතුට පළ කළ මහේස්ත්රාත්වරයා, මෙවැනි ඉතා වැදගත් සාක්ෂියක් ලබා ගැනීමේදී මතුව ඇති බාධාවන් පිළිබඳව පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු නොකළේ මන්දැයි ප්රශ්න කළේය. ඒ අනුව Apple සමාගම වෙත කරන ලද ඉල්ලීම් පිළිබඳව වහාම පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා දැනුවත් කර අවශ්ය ඉදිරි පියවර ගන්නා ලෙස මහේස්ත්රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
මේ අතර, කපිල චන්ද්රසේන මියගොස් සිටි ස්ථානයේ තිබී සොයාගත් ඖෂධ වර්ග හතරකට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පැවසීය.
කපිල චන්ද්රසේන මියගොස් ඇත්තේ ඉකුත් මැයි 08 වන දින බවත්, මාසයක් ඇතුළත සාක්ෂි පරීක්ෂා කිරීම් අවසන් කර තිබියදීත් අදාළ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ප්රමාද වීම පිළිබඳව අවධානය යොමු කළ මහේස්ත්රාත්වරයා, අධිකරණයට පමණක් මුළු ක්රියාවලියම සිදු කළ නොහැකි බව සඳහන් කළේය. අදාළ ඖෂධ වර්ග සම්බන්ධ හිඟ වාර්තා ලබා දීමට තවත් සති තුනක කාලයක් අවශ්ය වන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඔක්තෝබර් 13 වන දින විමර්ශකයින්ට දැනුම් දී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart