
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය අංශයේ සේවකයන්ට වසර පහක කාලයක් විදේශගතව සේවය කිරීමට අවස්ථාව ලබාදීමේ තීරණය නැවත සළකා බැලීමට රජය සුදානම්වන බව වාර්තා සඳහන් කරයි.
රාජ්‍ය සේවයේ හොඳම කාර්ය සාධනය සහිත සේවකයන් මෙම යෝජනා ක්‍රමය යටතේ රට හැරයෑමෙන්, රාජ්‍ය සේවය දුර්වල විය හැකි බැවින් රජය මෙලෙස සිය තීරණය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට ඉඩ ඇති බව පැවසේ.
“රාජ්‍ය සේවයේ හොඳම නිලධාරීන් ඉවත් වෙනවා. ඒ නිසා අපි මේ ගැන නැවත සළකා බලන්න යනවා.” යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.
මේ වන විට රාජ්‍ය අංශයේ සේවකයන් 2,000 කට අධික පිරිසක් රැකියා සඳහා විදේශ ගතවීම සඳහා වසර පහක කාලයක් වෙනුවෙන් දීර්ඝ නිවාඩු ලබාගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඇත.
මෙම යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය අංශයේ සේවකයින්ට විදේශ රැකියා සඳහා වැටුප් රහිත නිවාඩු ප්‍රයෝජනයට ගැනීමට, වෘත්තීය පුහුණුව ලබා ගැනීමට හෝ ඔවුන්ගේ භාෂා සහ තොරතුරු තාක්ෂණ කුසලතා වැඩි දියුණු කිරීමට අවසර ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සේවකයෝ මිලියන 1.5කට වැඩි සංඛ්‍යාවක් සේවය කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart