
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගූගල් පේ සක්‍රීය කිරීම හරහා ගෙවීම් කිරීමට පහසුකම් සැලසූ මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව ඉතිහාසයට එක් වේ.
ගූගල් සහ ඩිජිටල් ගෙවීම්වල ගෝලීය ප්‍රමුඛයකු වන වීසා සමඟ සහයෝගයෙන් මෙම වැඩසටහන දියත් කර ඇත.
ඒ අනුව තම වීසා කාඩ්පත් හිමියන් සඳහා ගූගල් පේ සක්‍රීය කළ ශ්‍රී ලංකා වෙළෙඳපොළේ ඇති එකම බැංකුව කොමර්ෂල් බැංකුවයි.
මෙම සහයෝගීතාව ඔස්සේ වීසා හි විශ්වාසදායක ගෝලීය ජාලය, ගූගල් හි ආරක්ෂිත සහ අවබෝධාත්මක අතුරු මුහුණත කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් ඩිජිටල් බැංකුකරණ පරිසර පද්ධතිය සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ කර තිබේ.
කොමර්ෂල් බැංකුවේ වීසා හර සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට දැන් තම කාඩ්පත් ගූගල් වෝල්ට් යෙදුමට පහසුවෙන් එකතු කළ හැකිය.
එය මුරපදයක් (OTP) හරහා සත්‍යාපනය හෝ ඇමතුම් මධ්‍යස්ථානයක් හරහා සත්‍යාපනය කළ හැකිය.
ඒ අනුව ස්මාර්ට්ෆෝන් භාවිත කර වීසා පිළිගන්නා ඕනෑම තැනක පොයින්ට්-ඔෆ්-සේල් (POS) පර්යන්තයකදී සරලව ආරක්ෂිත, සම්බන්ධතා රහිත ගෙවීම් සිදු කළ හැකිය.
මේ නිසා කාඩ්පත් හිමියන්ට තවදුරටත් භෞතික කාඩ්පත් හෝ මුදල් රැගෙන යෑමට අවශ්‍ය නොවේ.
“ගනුදෙනුකරුවන් සඳහා ඩිජිටල් ගෙවීම් අත්දැකීම් ඉහළ නැංවීමට අපගේ අඛණ්ඩ කැපවීම තුළ වීසා සහ ගූගල් සමඟ හවුල්කාරිත්වය සැළකිව යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුව ලෙස, මෙම සහයෝගීතාව ඕනෑම තැනක, ඕනෑම වේලාවක බාධාවකින් තොරව, ආරක්ෂිත සහ සම්බන්ධතා රහිත ගනුදෙනු ලබා දීමේ අපගේ හැකියාව තවදුරටත් ශක්තිමත් කරනවා. මෙම හවුල්කාරිත්වය මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන් සඳහා ආරක්ෂාව සහ පහසුව වැඩි දියුණු කරනවා පමණක් නෙවෙයි, වඩාත් තාක්ෂණිකව සක්‍රීය මූල්‍ය පරිසර පද්ධතියක් කරා රට මාරුවීම වේගවත් කරනවා. එය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සහ ව්‍යාපාරවලට ලෝක මට්ටමේ ඩිජිටල් විසඳුම් ගෙන ඒම සම්බන්ධ බැංකුවේ දිගුකාලීන උපාය මාර්ගය පිළිබිඹු කරනවා.” යැයි කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart