June 28, 2026

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) 2026/27 වර්ෂය සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (සෙනසුරාදා) පැවැත්වුණු අතර, එහිදී සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව ඒකමතිකව තේරී පත්විය.

මීට අමතරව, සංගමයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස වෛද්‍ය බණ්ඩාර වරකගොඩ ද, භාණ්ඩාගාරිකවරයා ලෙස වෛද්‍ය නිර්මල වත්තුහේවා ද ඒකමතිකව තේරී පත්විය.