
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජර්මානු නාවික හමුදාවට අයත් යුද නෞකා ද්විත්වයක් වන Frankfurt am Main සහ Baden-Wuerttemberg යුරෝපයේ සිට ආසියාව දෙසට යාත්‍රා කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
දකුනු චීන මුහුදේ චීනයේ ආක්‍රමණශීලී හැසිරීමට එරෙහිව ජර්මනියේ මිත්‍ර පාර්ශව සඳහා ජර්මනියේ සහයෝගය පෙන්වීමට මෙම පියවර සැලසුම් කර ඇතැයි ජර්මානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.
එහි වත්මන් සංචාරය අතරතුර, නෞකා බලඇණිය ආසියානු සහ ඇමරිකානු මහද්වීපයේ රටවල් කිහිපයකට අයත් අනෙකුත් යාත්‍රා සමඟ රිම් ඔෆ් ද පැසිෆික්
(RIMPAC) නමැති නාවික අභ්‍යාසයට ද සහභාගී වනු ඇති බව Nikkei Asia හි වාර්තාවක දැක්වේ.
29 වන වරටත් පැවැත්වෙන එම නාවික අභ්‍යාස මාලාව ජුනි සහ ජූලි මාසවලදී පැවැත්වීමට නියමිතයි.
එය සිදු කෙරෙන්නේ හවායි දූපත් අවට මුහුදේ දීයි.
මෙම ජර්මානු නෞකා එහිදී කැනඩාව, අමෙරිකාව, ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ යාත්‍රා සමඟ නාවික අභ්‍යාසවල නිරත වනු ඇති.
අමෙරිකානු නාවික හමුදාව විසින් මෙහෙයවනු ලබන මෙම RIMPAC නාවික හමුදා අභ්‍යාසය හවායි සිට වසර දෙකකට වරක් සිදු වන ලොව විශාලතම සමුද්‍ර අභ්‍යාසය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මීට අමතරව RIMPAC සඳහා ජර්මානු ගුවන් හමුදාව ද සම්බන්ධ වනු ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart