
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවසා තිබේ.
පාර්ලිමේන්තුවේ රජයේ ව්‍යවසාය පිළිබඳ කාරක සභාවේ (COPE) උපකාරක කමිටුවක් හමුවේ පෙනී සිටිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සමන්තා කරුණාසේන මේ බව ප්‍රකාශ කර ඇත.
වෙළෙඳපොළේ පවතින බාල පොල්තෙල් කලවම් කිරීම පිළිබඳ මතුව ඇති ගැටලු හේතුවෙන් මෙම පියවර ගන්නා බව ඇය පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් සකස් කර ඇති අතර එය අනාගතයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ද සමන්තා කරුණාසේන සඳහන් කර ඇත.
යෝජිත අවශ්‍යතා යටතේ, පොල්තෙල් ඇසුරුම් මත නිෂ්පාදනයේ නම, බර, කල් ඉකුත් වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ විස්තර යන තොරතුරු ඇතුළත් කරමින් ලේබල් සකස් කළ යුතු බව ඇය ප්‍රකාශ කර තිබේ.
දේශීය වෙළඳපොළේ පවතින පොල්තෙල් සඳහා අවශ්‍ය ගුණාත්මක ප්රමිතීන් පවත්වාගෙන යෑම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සමඟද කටයුතු කරමින් සිටින බව ඇය වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart