November 8, 2026

තමා විදු­ලි­බල හා බල­ශක්ති ඇමැති ධුරය දරන සමයේ ලංකා­වට ගල්අ­ඟුරු ආන­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් ආන්දෝ­ල­න­යට ලක් වූ විදේ­ශීය සමා­ග­මක දේශීය නියෝ­ජි­ත­යන් සහ ශ්‍රී ලංකා­වෙන් අභ්‍ය­ව­කා­ශ­ගත කළා යැයි කී චන්ද්‍රි­කා­වක සිදු­වීම අතර ඇති අන්තර් සම්බ­න්ධය කුම­ක්දැයි සොයා­බැ­ලීම අති­ශය වැද­ගත් බව හිටපු ඇමැති පාඨලී චම්පික රණ­වක අව­ධා­ර­ණය කළේය.

හිටපු ඇමැ­ති­ව­රයා මේ බව අව­ධා­ර­ණය කළේ මෙර­ටට ගල්අ­ඟුරු ආන­ය­නය සහ ඊට අදාළ ගනු­දෙනු සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට පත් කළ විශේෂ ජනා­ධි­පති කොමි­සම හමුවේ සාක්ෂි දෙමිනි. මේ කොමි­සමේ සභා­පති ලෙස කට­යුතු කරන්නේ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු ගිහාන් කුල­තුං­ගය.

අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැ­ඳිගේ සහ මහා­ධි­ක­රණ විනි­සුරු සංජීව සෝම­රත්න කොමි­සමේ සෙසු සාමා­ජි­කයෝ වෙති.

ගල්අ­ඟුරු ආන­ය­නය කිරීමේ 16 සහ 17 නැව් වාර සම්බ­න්ධ­යෙන් මතු වී තිබූ ගැට­ලු­වක් සම්බ­න්ධ­යෙන් සාක්ෂි දීමට දෙවැනි වර­ටත් හිටපු ඇමැ­ති­ව­රයා කොමි­සම පසු­ගි­යදා හමු­වට කැඳවා තිබිණි.

මේ සම්බ­න්ධ­යෙන් මීට පෙර කොමි­සම හමුවේ සාක්ෂි දෙමින් ලංකා නැව් සංස්ථාවේ හිටපු සභා­පති නීතිඥ කාංචන රත්වත්තේ කරුණු රැසක් සඳ­හන් කර තිබූ අතර, එහිදී ඔහු පාඨලී චම්පික රණ­වක ඇමැ­ති­ව­ර­යාට සහ එව­කට විදු­ලි­බල අමා­ත්‍යාං­ශයේ ලේකම් එම්.එම්.සී. ෆර්ඩි­නෑ­න්ඩුට චෝදනා කර තිබිණි.

2012 ජූනි 28දා පැවැත්වූ ලංකා ගල්අ­ඟුරු සමා­ගමේ 20 වැනි අධ්‍යක්ෂ මණ්ඩල සැසි­වා­රයේ වාර්තා පරීක්ෂා කර නීතිඥ කාංචන රත්වත්තේ ගල්අ­ඟුරු මෙ.ටො. 85,891ක් විකි­ණීමේ තීර­ණ­යක් සම්බ­න්ධ­යෙන් සාක්ෂි දී තිබූ අතර, මේ සම්බ­න්ධ­යෙන් පාඨලී චම්පික ඇමැ­ති­ව­රයා පැව­සුවේ ප්‍රධාන ගණන් තැබීමේ නිල­ධා­රියා ලෙස අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා සහ නිල­ධා­රීන් මේ ගැටලු විසඳා ගතයුතු බවත්, තමා ඇමැ­ති­ව­රයා ලෙස ගන්නේ ප්‍රති­ප­ත්ති­මය තීරණ පම­ණක් බවත්ය.

ගල්අ­ඟුරු ආන­යන සහ ගනු­දෙනු පිළි­බඳ පරීක්ෂා කළ විශේෂ ජනා­ධි­පති කොමි­සමේ සාක්ෂි කැඳ­වීම පසු­ගිය 4 දා අව­සන් කෙරිණි.(සිළුමිණ)