
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා ස්වාධීන විදේශීය විශේෂඥ කණ්ඩායමක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි වනජීවී ඡායාරූප ශිල්පියකු ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියි.
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය 2026 නොවැම්බර් 04 වැනි දින ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, වනජීවී ඡායාරූප ශිල්පී පැතුම් බණ්ඩාර මෝසමක් මාර්ගයෙන් දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත.
පැතුම් බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, මෙම හස්තියාගේ මූල්‍ය වටිනාකම තක්සේරු කිරීමටත්, සිරුරු කොටස් සහ ශේෂයන් සුරක්ෂිතව තබා ගැනීම තහවුරු කිරීමටත් නියෝග නිකුත් කරන ලෙස අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
එමෙන්ම හස්තියාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මහේස්ත්‍රාත්වරයාගේ ඍජු අධීක්ෂණය යටතට පත්කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම නොවැම්බර් 18 වැනි දින සිදුකිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ශ්‍රී ලංකාවේ සිටි උසින් සහ ප්‍රමාණයෙන් විශාලතම දළ ඇතකු වන ‘කාවන්තිස්ස’ අඩි 11 ක් පමණ උසැති අභිමානවත් වන අලියෙකි. ගල්ගමුව අභයභූමි කලාපයේ සැරිසැරූ මෙම හස්තියා 2026 ඔක්තෝබර් 16 වැනි දින මියගියේය. හස්තියාගේ දකුණු පෙර පාදයට වෙඩි වැදී තිබූ බව සොයාගත් අතර, එම තුවාලය මරණයට හේතු වන්නට ඇති බවට සැක කෙරේ.
පැතුම් බණ්ඩාරගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සමඟ නීතිඥවරුන් වන කනිෂ්ක හික්කඩුව, නිපුණි දිසානායක, නිලංක ප්‍රනාන්දු, විදත් දෙවරාජ, සවන රණතුංග, ගිහාන් සිරිවර්ධන, කාංචනා සමරදිවාකර සහ රෝහිත රාජකරුණානායක පෙනී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart