
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට දැනුම්දී ඇත.
මිරිහාන පොලිස් ස්ථානයේ රඳවා සිටියදී අදාළ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත.
2011 වසරේදී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනකු විසින් පෙත්සම්කාර ඩබ්ලිව්. රංජිත් සුමංගල නමැත්තා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන වධහිංසා පැමිණවීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
මෙම කාරණයට සම්බන්ධ වූ පෞද්ගලික පාර්ශ්වයක් වන අජිත් වනසුන්දර (යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්) ද ඊට වගකිව යුතු අතර ඔහුට වන්දි ගෙවිය යුතු බව ප්‍රකාශ කෙරී ඇත.
පෙත්සම්කරුට රුපියල් 100,000 ක වන්දියක් ගෙවන ලෙස රජයට නියම කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart