August 30, 2023

ජනතා විමුක්ති පෙරමුණ මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් සමඟ එක්ව යුරෝපා දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට තමන් කරන චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ප්‍රකාශයක් ලබා නොදී බියෙන් සැඟවී සිටින බවට එල්ල වන චෝදනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ප්‍රතික්ෂේප කරයි.

ඔහු පවසන්නේ තමන් පසුගිය දින කිහිපය තුළ මහජන වැඩසටහන් කිහිපයකටම සහභාගී වූ බවයි.

පසුගිය අගෝස්තු 12වැනිදා ජනමාධ්‍ය හමුවක් පවත්වමින් දුමින්ද නාගමුව විසින් තමා සහ ජනතා විමුක්ති පෙරමුණ යුරෝපීය දූපතක මුදල් ආයෝජනය කළ බවට එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන් ලෙස ඉල්ලා පෙරමුණ මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් අගෝස්තු 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

අගෝස්තු 27 වන දින ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා කියාසිටියේ තමන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇති බවත්, එම චෝදනාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස දෙපාර්තමේන්තුවට සැමවිටම උපදෙස් දුන් බවත්ය.

කෙසේ වෙතත් චෝදනාව ඉදිරිපත් කළ දුමින්ද නාගමුව කොතැනකවත් නොසිටි නිසා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වූ බව ඇමැතිවරයා කියා සිටියේය.

“හැබැයි ඉතින් අවාසනාවකට වගේ එදා ඉඳලා සීඅයිඩී එකට තාම බැරි වුණා කට උත්තරයක් ගන්න දුමින්ද නාගමුවගෙන්. යන යන තැන එයා නෑ. පණිවිඩ තියනවා, එයාගේ ටෙලිෆෝන් එකේ පණිවිඩ තියෙනවා, එයා හැංගිලා. ඉතින් එයා ළඟ ඔච්චර තොරතුරු තියෙනවා නම්, බය නැතුව ඉස්සරහට ඇවිල්ල කට උත්තරයක් දීලා කියන්න පුළුවන් නේ, මෙන්න තොරතුරු බලන්න කියලා. දැන් එයා නෑ. හැබැයි සීඅයිඩී එක ඒක නවත්තලා නැහැ. කොහොම හරි උසාවි මාර්ගයෙන් හරි ගෙනැල්ල එයාගෙන් කට උත්තරය ගනියි.” යැයි හෙතෙම සඳහන් කළේය.

තමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසියම් පණිවිඩයක් ලැබී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් දුමින්ද නාගමුව ප්‍රකාශ කර ඇත්තේ, තමාට එවැනි දැනුම්දීමක් ලැබී නොමැති බවයි.

“අපේ ගෙවල්, කාර්යාල කොහෙද කියලා සීඅයිඩී නිලධාරීන් දන්නවා.අපේ පස්සෙන් බුද්ධි අංශ නිලධාරීන් ඉන්නවා. මාව හොයාගන්න බැරි වෙන්න විදිහක් නැහැ, මම පහුගිය දවස්වල ප්‍රසිද්ධ උත්සව කිහිපයකටම සහභාගි වුණා, අලස් කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් කරන එකයි. මම ඔහුගෙන් අහන්න කැමතියි, අපට විරුද්ධව වෙනත් පැමිණිල්ලක් තිබුණා නම්, අපිව හොයාගන්න සීඅයිඩී එකට බැරි වෙයිද?” යැයි නාගමුව වැඩිදුරටත් සඳහන් කරයි.

(Daily Morning)