
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වැනි කුඹල් පෙරහැර අද රාත්‍රී විථි සංචාරය කළේය.
එහිදී කරඬුව වැඩමවීම සඳහා අභිනව මඟුල් ඇතෙකුට අවස්ථාව හිමි ව තිබීම විශේෂත්වයක් විය.
එම අවස්ථාව හිමි වූයේ කැලණිය රාජ මහා විහාරයට අයත් කණ්ඩුල හස්තියා වෙතය.
බුරුම රාජා මගුල් ඇතෙකු ලෙස තේරී පත් වූ 2016 වසරෙන් පසු අභිනව මඟුල් ඇතෙකු ලෙස පෙරහැර කරඬුව වැඩමවීමට වසර 7කින් පසු අවස්ථාව හිමි වූ පළමු හස්තියා කණ්ඩුල වේ.
ඊසාන දිග තායිලන්තයේ සුරීන් ප්‍රාන්තයේ අලි උද්‍යානයක සිටි ශ්‍රි නරෝන්ග් නම් මෙම ඇතා එහි හිමිකරු විසින් තායිලන්තයේ මහ රැජිණ වෙත 2000 දෙසැම්බර් 19 වන දින භාර දී ඇත.
තායිලන්තයේ රාජකීය පවුලේ පරිත්‍යාගයක් ලෙසින් ශ්‍රී ලංකාවට ලැබුණු ශ්‍රි නරොන්ග් සහ පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ මුතුරාජා හෙවත් සක්සුරින් 2001 වසරේ ජනවාරි 07 වනදා තායිලන්තයේ රාජකීය ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබීය.
එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් සක්සුරීන් ඇතා අළුත්ගම කන්දේ විහාරයටද ශ්‍රි නරෝන්ග් ඇතා කැලණිය රාජ මහා විහාරය වෙත සන්නස් පත්‍ර මගින් ප්‍රධානය කරන ලදී.
කැලණිය රාජ මහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට පුජා කළ මෙම ශ්‍රි නරොන්ග් ඇතා කණ්ඩුල ලෙසින් නම් කරනු ලැබීය.
තායිලන්ත ඇතෙක් දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවූයේ වසර 20කට පමණ පසුව වීමත් විශේෂත්වයකි.
මීට පෙර ශ්‍රි දළදා මාලිගාවට තායිලන්තයෙන් පුජා කල විජයරාජා ඇතා 2000 මුල් භාගයේදී කරඬුව වැඩම කරවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart