
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර, අඟුරුවාතොට ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් වැටළීමක් සිදුකිරීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට එහි සිටි කාන්තාවක විසින් සුනඛයන් මෙහෙයවා ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම සපා කෑමට ලක්වීමෙන් අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙම දරුණු සුනඛ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නිලධාරීන් සිව්දෙනා අතරින් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා(ස්ථානාධිපති) සහ පොලිස් කොස්තාපල් (96625) මනෝජ් යන නිලධාරියාය.
මීට අමතරව, වැටළීමට සම්බන්ධ වූ පොලිස් පරීක්ෂක සුධීර සහ පොලිස් කොස්තාපල් (83935) ක්‍රිෂාන්ත යන නිලධාරීන් ද ප්‍රහාරයෙන් සුළු තුවාල ලබා ඇත.
වැටළීම සිදුකළ අවස්ථාවේදී අදාළ නිවසේ තිබී නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 1000ක් පොලිස් භාරයට ගෙන තිබේ.
නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මත්පැන් ජාවාරම්කරුවාවත්, රාජකාරියට බාධාකර සාපරාධී බලහත්කාරකම් පෑමේ වරද යටතේ ඔහුගේ බිරිඳවත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart