
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට යතුරුපැදි වෙළෙඳපොළ තුළ ඇතැම් ජනප්‍රිය යතුරුපැදි සඳහා පවතින ඉහළ ඉල්ලුම සහ සීමිත සැපයුම අවස්ථාවක් කරගනිමින්, ඇතැම් පාර්ශ්ව විසින් යතුරුපැදි මිලදීගෙන ඒවා පසුව වැඩි මිලට පාරිභෝගිකයින් වෙත නැවත අලෙවි කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත තොරතුරු ලැබී තිබේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් මෙරට බලපත්‍රලත් නිල යතුරුපැදි අලෙවි නියෝජිත සමාගමක් ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලිඛිතව කරුණු දක්වා ඇත.
අදාළ ලිපිය අනුව, ඉහළ පාරිභෝගික ඉල්ලුමට සරිලන තරම් යතුරුපැදි තොග නොලැබීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සාධාරණ අවස්ථාවක් ලබාදීම සඳහා පළමුව පැමිණෙන පාරිභෝගිකයාට ප්‍රමුඛතාව ලබාදෙන පොරොත්තු ලේඛන ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබිණි.
එහෙත් මෙම සීමිත සැපයුම් තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් පාර්ශ්ව විවිධ පුද්ගලයින්ගේ නම් යොදා යතුරුපැදි ලබාගෙන, ඒවා සැබෑ අවසන් පාරිභෝගිකයින් වෙත වැඩි මිලකට නැවත අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවද අදාළ ලිපියෙන් පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දී තිබේ.
මෙම තොරතුරු සහ වෙළෙඳපොළේ පැවති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් හෙට්ටිපොල ප්‍රදේශයේ යතුරුපැදි වෙළෙඳසැල් ඉලක්ක කර විශේෂ වැටලීම් සිදුකර ඇත.
එහිදී යතුරුපැදිවල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම සහ නිල අලෙවි නියෝජිත සමාගම විසින් නියම කර තිබූ මිල ඉක්මවා වැඩි මිලට යතුරුපැදි අලෙවි කිරීම සම්බන්ධයෙන් අලෙවිසැල් 03කට එරෙහිව හෙට්ටිපොල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
යතුරුපැදියක් මිලදී ගැනීමට පෙර එහි මිල ගණන් නිසි පරිදි පරීක්ෂා කරන ලෙසත්, ඉහළ ඉල්ලුම හෝ සීමිත සැපයුම අවස්ථාවක් කරගනිමින් පාරිභෝගිකයින්ගෙන් අසාධාරණ ලෙස වැඩි මුදලක් අය කරන හෝ මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් පිළිබඳව 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart