
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ මුල්‍ය බංකොලොත්භාවයට හේතු සොයාබැලීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වය ලබාගැනීමට, ඒ සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.
ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මන්ත්‍රී (නීතිඥ) සාගර කාරියවසම්ගේ සභාපතිත්වයෙන් පළමුවරට පසුගියදා (18) පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව අදාළ ප්‍රවීණයන් කවුරුන්ද යන්න යෝජනා කරන ලෙස ද කාරක සභාවේ සභාපතිවරයා සාමාජික මන්ත්‍රීවරයරුන්ට දැනුම් දී ඇත.
මේ අතර, විපක්ෂය ගෙන ආ යෝජනාවක් අනුව පත්කළ මෙම කාරක සභාවේ සභාපතිවරයා විපක්ෂයේ නියෝජනයක් විය යුතු බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී ඇති බැවින් මේ පිළිබඳව කථානායකවරයාගේ විශේෂ අවධානයට යොමු කළ යුතු බවත් මෙම රැස්වීමට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් සඳහන් කර ඇත.
කෙසේවෙතත් සමගි ජන බලවේගයේ හෝ ජාතික ජන බලවේගයේ පත්කළ නියෝජිතයන් මෙම රැස්වීමට සහභාගී වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart