
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය මැයි මාසයේදී හදිසියේ ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන්, එහි සාමාජිකයන් පස්දෙනාගෙන් සිව්දෙනෙකුට ‘මානුෂීය පදනම’ මත පාරිතෝෂික ගෙවීමක් (ex-gratia payment) සිදුකිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ටර් තහවුරු කරයි.
කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම ගෙවීම ‘වන්දියක්’ ලෙස අර්ථකථනය කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි.
හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සඳහා මෙම පාරිතෝෂික ගෙවීම සිදු කර නොමැති අතර, අනෙක් සාමාජිකයන් සිව්දෙනාට පමණක් මෙය හිමි වූ බව ෂාෆ්ටර් තහවුරු කළේය.
හිටපු තේරීම් කමිටු සාමාජිකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් නොවන බැවින් ඔවුන්ගෙන් කිසිදු එන්තරවාසයක් ලැබී නොමැති බවත්, නීතිමය පියවර ගැනීමෙන් වැළකීමට මෙම ගෙවීම් කළ බවට වන ප්‍රකාශ අසත්‍ය බවත් ඔහු පැවසීය.
හිටපු තේරීම් කමිටු සාමාජිකයන් වන තරංග පරණවිතානට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ තනතුරක්ද, විනෝදන් ජෝන්ට නැඟී එන කණ්ඩායමේ තනතුරක්ද ලබා දී ඇති බවට නැඟුණු චෝදනා එරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් පරිවර්තන කමිටුව ප්‍රතික්ෂේප කරයි.
මෙම ගෙවීම සති දෙකකට පමණ පෙර සිදු කර ඇති අතර මාස 3-4ක කාලසීමාවක් ආවරණය වන පරිදි ලබා දී තිබේ.
නිල වශයෙන් මුදල ප්‍රකාශ නොකළ ද, වාර්තා වන අන්දමට මසකට රුපියල් 800,000 බැගින් මාස 4ක මුදලක් (30%ක රාජ්‍ය බදු කැපීමෙන් පසු එක් අයෙකුට දළ වශයෙන් රුපියල් මිලියන 2.4ක් හෝ මසකට රුපියල් 600,000 බැගින්) හිමිව ඇත.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ඉන්දික ද සරම්, තරංග පරණවිතාන, විනෝදන් ජෝන් සහ රසංජලී ද අල්විස් යන පිරිසගෙන් යුත් හිටපු තේරීම් කමිටුව 2025 දෙසැම්බර් 16 වැනි දින වසර දෙකක කාලයකට පත් කරන ලදී.
කෙසේවෙතත් පරිවර්තන කමිටුව පිහිටුවීමෙන් පසු, මෙවර මැයි 21 වැනි දින කපිල විජේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කෙරිණි.
(themorning.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart