
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ, සමුද්‍ර වීදියේ(Sea Street) වාණිජ ආයතනයකින් රුපියල් මිලියන 102 ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව, රන් ආභරණ නිෂ්පාදන පරිශ්රයක නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාකරන බව පවසමින් නිලධාරීන් ජුනි 5 වැනි දින වැටළීමක් සිදුකර ඇත.
මෙහෙයුම අතරතුර, ඔවුන් රුපියල් මිලියන 102ක මුදල් රැගෙන පුද්ගලයන් හත්දෙනෙකු රඳවා තබාගෙන තිබේ.
නීතිවිරෝධී සිගරට් තොගයක් ළඟ තබාගැනීමේ චෝදනා මත මුලින් රඳවාගත් පුද්ගලයන්ගෙන් සිව්දනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය තවදුරටත් පැවසීය.
පසුව කරන ලද පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, අත්අඩංගුවට ගත් මුදලින් රුපියල් මිලියන 50ක් ආපසු ලබාදුන් බවත්, ඉතිරි අරමුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති බවත්ය.
ව්‍යාපාරයේ හිමිකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පසුව ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
විමර්ශනයෙන් පසු, සුරාබදු පරීක්ෂකවරයකු සහ කෝප්‍රල්වරුන් හතරදෙනකු ඇතුළු සුරාබදු නිලධාරීන් පස්දෙනා ඊයේ දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.
ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කොස්ගම, හංවැල්ල, දංකොටුව, මිල්ලෑව සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart