
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දැනට දළ ඇතූන් 30 දෙනකුට වැඩි සංඛ්‍යාවක් අවදානමට ලක්ව සිටින බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අවදානමට ලක්ව ඇත්තේ දළ ඇතූන් 17 දෙනකු පමණක් බවට පරිසර අමාත්‍යවරයා කළ ප්‍රකාශය අභියෝගයට ලක්කළේය.
අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියාසිටියේ, පසුගියදා ‘කාවන්තිස්ස’ දළ ඇතා ඝාතනය කිරීම සහ පසුව කහටගස්දිගිලිය ප්‍රදේශයේ තවත් දළ ඇතකු ඝාතනය වීම මගින් දිවයිනේ ඉතිරිව සිටින දළ ඇතූන් ආරක්ෂා කිරීම සඳහා වූ පියවරයන් කඩිනින්ම ශක්තිමත් කිරීමේ හදිසි අවශ්‍යතාව ඉස්මතු වන බවයි.
ශ්‍රී ලංකාවේ පිරිමි අලින්ගෙන් දළ පිහිටන්නේ 5% – 10% ත් අතර ප්‍රමාණයකට පමණක් බව පෙන්වාදුන් ඔහු, හස්තීන් ආරක්ෂා කරගැනීම සඳහා කැපවූ විශේෂ සංරක්ෂණ වැඩසටහනක් හඳුන්වාදීමේ වැදගත්කම අවධාරණය කළේය.
අප්‍රිකානු රටවල ක්‍රියාත්මක වන විශේෂිත වනජීවී ආරක්ෂක ඒකකවලට සමානව, දළ ඇතූන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ කාර්යසාධක බලකායක් පිහිටුවීමට විපක්ෂ නායකවරයා යෝජනා කළේය.
වනජීවී නිලධාරීන්, සංරක්ෂණවේදීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් එක්රැස් කරමින් උන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටි ඔහු, ඒ සඳහා සහය ලබා දීමට විපක්ෂය සූදානම් බව ද පැවසීය.
එමෙන්ම, සිදුවන අඛණ්ඩ ඝාතනයන් රටේ වනජීවී සම්පතට එල්ල වන දැඩි තර්ජනයක් ලෙස හඳුන්වා දුන් සජිත් ප්‍රේමදාස, දළ ඇතූන් ඝාතනය කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියේය.
විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27(2) යටතේ මෙම කාරණය මතුකරමින්, අලි-මිනිස් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වූ නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම හඳුන්වාදීමේ ප්‍රමාදය පිළිබඳව ද ප්‍රශ්න කළේය.
2020 ජාතික ක්‍රියාකාරී සැලැස්ම ප්‍රමාණවත් නොවන බවට රජය තීරණය කිරීමෙන් පසුව, නව සැලැස්මක් සකස් කිරීම සඳහා 2026 ජූනි 15 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවූ බව ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, නව සැලැස්ම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ තෙමසක කාලසීමාව මේ වන විටත් ඉක්මවා ගොස් ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
නොවැම්බර් 2 වැනිදා ආරම්භ කරන ලද ‘හස්ති සේනා’ මෙහෙයුම, යෝජිත ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කොටසක් ද යන්න පිළිබඳව ප්‍රශ්න කළ සජිත් ප්‍රේමදාස, එම වැඩසටහනේ විද්‍යාත්මක පදනම පිළිබඳ තොරතුරු ද ඉල්ලා සිටියේය.
තවද, අලි ගහණය, සංක්‍රමණ රටා සහ වාසස්ථාන පිළිබඳව සිදුකරන ලද විද්‍යාත්මක සමීක්ෂණවල තොරතුරු මෙන්ම 2027 අයවැය යටතේ අලි සංරක්ෂණය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන පිළිබඳ තොරතුරු ද හෙළිදරව් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
දිවයිනේ ඉතිරිව සිටින දළ ඇතූන් ආරක්ෂා කිරීමට සහ උග්‍ර වන අලි-මිනිස් අර්බුදයට විසඳුම් සෙවීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart