
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, වැඩකරන වයසේ පසුවන ජනගහනය වර්ධනය වීම තුළින් මෙතෙක් කල් වේගවත් ආර්ථික වර්ධනයක් අත්කර ගත් දකුණු ආසියානු කලාපය, මේ වන විට වේගයෙන් වයස්ගත වන ජනගහනයක් සහිත කලාපයක් බවට පත්වෙමින් තිබේ. එහිදී වඩාත්ම වේගයෙන් වයස්ගත වන ජනගහනයක් සිටින රට බවට පත්වීමට ශ්‍රී ලංකාව ආසන්නව සිටියි.
‘දකුණු ආසියාවේ ජන විකාශන වෙනස්කම්: සංවර්ධනයට රුකුලක් වූ තත්ත්වයන් අභියෝග බවට පත්වීම’ (Demographic Change in South Asia: From Tailwinds to Headwinds for Development) යන තේමාව යටතේ නිකුත් කර ඇති මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව 2023 වන විට වයස්ගත සමාජයක් බවට පත්වීමට නියමිතව තිබූ අතර, ඉන්දියාවේ කේරළය වැනි ප්‍රාන්ත ඒ වන විටත් එම සීමාව පසුකර තිබූ බවයි.
ලෝක ජනගහනයෙන් සියයට 24 ක්, එනම් බිලියන 1.66 ක පිරිසක් දකුණු ආසියාවේ ජීවත් වෙති. ඉන් බිලියන 1.17 ක් වන වැඩකරන වයස් කාණ්ඩයේ පසුවන ජනගහනය, ලෝකයේ මුළු වැඩකරන ජනගහනයෙන් සියයට 22 ක් නියෝජනය කරයි.
පසුගිය දශක කිහිපය තුළ වැඩිහිටි පිරිස සක්‍රීය රැකියා නියුක්තියට යොමුවීම සහ ඔවුන් මත යැපෙන්නන්ගේ සංඛ්‍යාව අඩුවීම යන ‘පළමු ජන විකාශන වාසිය’ හේතුවෙන් කලාපයේ ආර්ථික වර්ධනයට විශාල රුකුලක් ලැබිණි.
2000 වසරේ සිට පැවැති මෙම ජනගහන ප්‍රවණතාව, දකුණු ආසියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධනයට සියයට 0.4 ක දායකත්වයක් ලබා දී ඇත. එමෙන්ම, එම කාලසීමාව තුළ කලාපයේ වාර්ෂික ශ්‍රම ලාභදායීතාව සියයට 0.4 ත් 1.1 ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමටද මෙම පිරිසගේ දායකත්වය හේතු වූ බව ජාත්‍යන්තර සාධක ඇසුරින් මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
දකුණු ආසියානු කලාපය මේ වන විට ජනගහන වර්ධනයෙන් හිමිවූ වාසිදායක තත්ත්වය ගිලිහී යාමේ ප්‍රබල අභියෝගයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. 1960 සහ 2023 අතර කාලය තුළ වසරකට සාමාන්‍යයෙන් සියයට 2.2 ක් ලෙස පැවැති වැඩකරන වයසේ ජනගහන වර්ධනය, 2024 සහ 2050 අතර කාලයේදී වසරකට සියයට 0.6 දක්වා සීඝ්රයෙන් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට ජනගහනයෙන් ලැබෙන දායකත්වය හතරෙන් තුනකින් පමණ අඩුවී, එම කාලය තුළ වසරකට සියයට 0.1 ක පමණ සුළු මට්ටමකට සීමා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නවතම වාර්තාවකට අනුව, 2034 වසර වන විට මෙම කලාපයේ සමස්ත ජනගහනයෙන් වැඩකරන වයසේ පසුවන්නන්ගේ ප්‍රතිශතය උපරිම මට්ටමට ළඟා වනු ඇත. දකුණු ආසියාව 2049 වන විට ‘වයස්ගත’ තත්ත්වයකට පත්වීමට නියමිත වුවද, කලාපයේ රටවල් අනුව එම කාලරාමූන් වෙනස් වේ. භූතානය, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල වැඩකරන වයසේ ජනගහනය උපරිමයට පැමිණීමට ඇත්තේ වසර 10 කටත් අඩු කාලයකි. බංග්ලාදේශයට සහ නේපාලයට ඒ සඳහා තවත් වසර 20 කට ආසන්න කාලයක් පවතී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ වැඩකරන ජනගහන ප්‍රතිශතය 2005 වසරේදීම උපරිම මට්ටම පසුකර ඇති අතර, 2030 වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන් වයස්ගත ජනගහනය වැඩි රටක් බවට පත්වනු ඇත.
අනෙකුත් නැඟී එන සහ සංවර්ධනය වන ආර්ථිකයන්හි වැඩකරන වයසේ ජනගහනයෙන් සියයට 69 ක් රැකියාවල නිරතව සිටියද, දකුණු ආසියාවේ එම ප්‍රතිශතය පවතින්නේ සියයට 60 ක් වැනි අඩු මට්ටමක බවද මෙම අධ්‍යයනය මගින් වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart