
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ හිස් වූ සෙනෙට් මණ්ඩල ආසනය ජයගැනීමට ඩිමොක්රටික් පක්ෂයේ අබ්දුල් එල්-සායිඩ් සමත්වූ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ ඔහු ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයට තේරී පත් වූ ප්‍රථම මුස්ලිම් ජාතිකයා බවට පත්වන අතර, සෙනෙට් මණ්ඩලයේ බලය අල්ලාගැනීමට ඩිමොක්රටික් පක්ෂය ගෙන යන සටනටද මෙය තීරණාත්මක ශක්තියක් වී තිබේ.
අතිශය තරගකාරී මුහුණුවරක් ගත් මෙම මැතිවරණයේදී සයිඩ් ලැබූ ජයග්‍රහණය ඩිමොක්රටික් පක්ෂයේ ප්රගතිශීලී පාර්ශ්වය ලැබූ විශාල ඉදිරි පිම්මක් ලෙස සැලකේ. එමෙන්ම විශ්‍රාම ගන්නා ඩිමොක්රටික් සෙනෙට් සභික ගැරී පීටර්ස්ගේ ආසනය තමන් සතු කරගැනීමට රිපබ්ලිකන් පක්ෂය දැරූ උත්සාහය ද මේ සමඟ ව්‍යර්ථ වී තිබේ.
42 හැවිරිදි වියෙහි පසුවන එල් සායිඩ් මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ හිටපු නිලධාරියෙකි. මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී ඔහු ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ වැඩකරන ජනතාවගේ ජීවන බර අඩු කිරීම සහ දේශපාලනයට ව්‍යාපාරික සමාගම්වලින් එල්ල වන බලපෑම් අවම කිරීම කෙරෙහිය. ඩිමොක්රටික් පක්ෂයේ ප්රගතිශීලීන් විසින් ඉදිරිපත් කරන ලද, රජයේ අරමුදල් මගින් ක්‍රියාත්මක වන සර්වජන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් වන “Medicare for All” යෝජනාවද ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart